පලමු වතාවට ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම පැහැර හරී(debt default)..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇපදීමක් බලාපොරොත්තුවෙන් සිටින ඩොලර් බිලියන 51 ක විදේශ ණය පැහැර හරින බව මුදල් අමාත්‍යාංශය අද නිවේදනය කළේය.මේ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරසිටී.ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇතැයි ද එම වාර්තාවන්හි සදහන් වෙයි.ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් නිරන්තරයෙන් විදුලි ඇනහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවයි.

Translate-(English/Sinhala/Tamil )»