පරාජයේ වේදනාවට වඩා ධනුෂ්ක නිසා ලජ්ජාව..

ලෝක කුසලානයට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ත්‍රී දූෂන චෝදනා එල්ල කරමින් කාන්තාවක් විසින් කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවයි වාර්තා වන්නෙ.

“ඉරිදා සිඩ්නි හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිව් සවුත් වේල්ස් පොලිස් කමාන්ඩර් ජේන් ඩොහර්ටි පැවසුවේ 31 හැවිරිදි ගුණතිලකට අන්තර්ජාලය හරහා මුණගැසුණු නගරයේ 29 හැවිරිදි කාන්තාවකට එරෙහිව “අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ” චෝදනා හතරක් එල්ල වී ඇති බවයි”.

මෙම සිද්ධිය මේවනවිට රොයිටර්, CNN,ඒඑෆ්පී, එන්ඩීටීවී, ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මගින් ඉහළින් වාර්තා කර ඇත.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි පළමු විනය විරෝධි චෝදනාව මෙය නොවන අතර මින් පෙර ඹහුට විවිධ විනය විරෝධි ක්‍රියා සම්බන්ධව චෝදනා හා දඪුවම් කිහිපයක්ම එල්ල වී ඇති ක්‍රීඩකයෙකි.

මෙවර ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති චෝදනාවන්ට වරදකරු වුවහොත් වසර 14 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට හැකි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

සිඩ්නි පැරමාටා අධිකරණය ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ශ්‍රීලංකා කණ්ඩායම ඹහු නැතිව මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රීලංකාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.

(Photo Credit CNN)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»