නාමල්ගේ මුදල් වංචා නඩුව කල්යයි…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක් ගවර්ස්කෝපරේට් සමාගමේ ආයෝජනය කළේයැයි චෝදනාකරමින් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් හමුවේ හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද විභාගයට ගත් අතර එය සැප්තැම්බර් මස 14 වැනිදා දක්වා කල් තැබිණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»