ධූර කාලය අවසන් කරන තෙක් යන්නෙත් නෑ….නැවත මැතිවරණයකට ඉදිරිපත් වෙන්නෙත් නෑ…

Bloomberg පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යා නොහැක” යනුවෙන් රාජපක්ෂ සඳුදා කොළඹ ඔහුගේ නිල නිවසේ පැවති පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට ඇත.

අර්බුදය දිග හැරුණු පසු විදේශ මාධ්‍ය සංවිධානයක් සමඟ ඔහු කළ පළමු සාකච්ඡාව මෙයයි.

“අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ,” ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ එසේ ත් නැති නම් පාර්ලිමේන්තු පාලනය ඉවත් කළ යුතු බව පවසා ඇති ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, එම දෙකෙහි මිශ්‍රණයක් පැවතිය නොහැකි බව ය.“මම මේක කිව්වම මිනිස්සු මට දොස් කියන්න පුළුවන් නමුත් ඒක තමයි ඇත්ත,” ඔහු ප්‍රකාශ කර තිබේ.

බෝග නිෂ්පාදනය පහත වැටීමට හේතු වූ රසායනික පොහොර තහනම් කිරීම සම්බන්ධවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමුකර ඇත.

https://www.bloomberg.com/…/sri-lanka-leader-vows-to…

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»