දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කෙරේ…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති යටතේ අසාදු ලේඛන ගත කර ඇති දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බව වාර්තා වෙනව.

තහනම ඉවත් කර ඇති සංවිධාන ..

1.ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
2.ගෝලීය දෙමළ සංසදය
3.ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
4.ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
5.කැනේඩියානු දමිළ කොංග්‍රසය
6.බ්‍රිතාන්‍ය දමිළ සංසදය

පසුගිය දිනවල පැවති සර්ව පාක්ෂික පාලන කථාබස් අනුව රජය සමග එක්වීමට කොන්දේසි ලෙස ඇතැම් ද්‍රවිඩ පක්ෂ මෙම තහනම ඉවත්කිරීමේ ඉල්ලීම් සිදු කර තිබුණි.

තහනම ඉවත් කරන ලද සංවිධාන සතුව විදෙස් රටවල ඩොලර් කෝටි ගණනක අරමුදල් ඇති බවත් එම මුදල් උතුරු නැගෙනහිර සංවර්ධනය කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාවක් ඇති බවත් පැවසෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»