තවත් ණයක් ඇමරිකාවෙන්..

ශ්‍රීලංකාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමරිකානු ඩොලර් මිලියන 2,500 ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොලෙන් ලබා ගැනීමට තීරණය කර තිබේන බව වාර්තා වෙනව.

බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ණය මුදල ලබාගන්නේ ඇමරිකාවේ ‘කන්සෙප්ට් ග්ලෝබල්’ නම් මූල්‍ය ආයතනයකින් බවයි.

මේ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ද ලැබී තිබේ.ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»