තත්වය ඉතාම දරුනුයි විශාල පිරිසක් ගෙවල් වලම මැරෙනව,හැකිතාක් නිවෙස්වලටම වී සිටින්න.-කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසී සේනානායක.

අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නගරාධිපතිනිය මේ බව ප්‍රකාශ කර තිබේ.ඇය වැඩි දුරටත්පවසා ඇත්තේ මේ වන විට කොළඹ නගරය පුරා කොරෝනා වෛසරය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තාවන බවයි. කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් පවා කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර, දිනකට කොරෝනා ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බව ද ඇය පෙන්වා දෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»