ඩලස් වටා නවපකෂයක්,පොහොට්ටුවෙන් කොටසක් එක්වෙයි..පාට කහ..ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයෙන් අයින්වීමේ සූදානමක්..

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු, දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන තේමාව යටතේ නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ඊයේ සවස රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී මැතිවරණ කොමිෂම මුණගැසි සාකච්ඡාවක් කල බව වාර්තා වෙනව.

පොහොට්ටුවේ 49 දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා සමග නව දේශපාලන බලවේගයට දැනටමත් එක්ව ඇති බවත්,මෙම නව දේශපාලන බලවේගයට රාජපක්ෂවරුන් සම්බන්ධ කර නොගැනීමට බලාපොරොත්තු වන බවත් පවසනව.

මේ අතර,රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»