ඥාන අක්කගේ හෝටලය හදන්න හමුදාව යොදවලා..

අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

හමුදා සාමාජිකයන් එතුමාගේ සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට මෙලෙස යැවීමට පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )-Lankadeepa

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»