ජ.වි.පෙ නායකට බිත්තර ප්‍රහාරයක්…සැකකරුවන් අත් අඩංගුවට.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ජාතික ජන බලවේගය විසින් ගම්පහදී අද පැවැත් වූ දිස්ත්‍රික් සමුළුවට සහභාගිවීමට පමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නෙ.

ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා පොලීසියට බාරදී ඇතැයි වාර්තාවේ.

සැකකරුවන් දෙදෙනා සඳහන් කර ඇති පරිදි ඔවුන් සමග තවත් පිරිසක් මෙම ප්‍රහාරය සඳහා පැමිණ තිබූ අතර ප්‍රහාරය සඳහා දැනුවත් කල බව කියන ප්‍රබල ඇමැතිවරයකුගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් හෙලිකර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»