ජනාධිපතිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමට විරුද්ධව මෙම පෙත්සම ගොනු කර ඇත.ගෝඨාභය රාජපක්ෂ ජනපති, හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, නීතිපතිවරයා, රාජ්‍ය වෛද්‍ය අනුරුද්ද පාදෙණිය, අතුරලිය රතන හිමි මෙහි සෙසු වගඋත්තරකරුවන් කර ඇති බවයි වාර්තා වන්නෙ.

ගොවි සංවිධානයේ ලේකම් තිලක් අමරදිවාකර,නීතිඥ එරන්ද වැලිඅංගේ, නීතීඥ තාරක නානායක්කාර යන අය විසින් මෙම පැමණිල්ල ගොනු කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»