ජනපති හමුදාව කැඳවයි..

දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.මෙම ආඥාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.කතානායකවරයා මෙම ආඥාව පිළිබඳව දැනුම්දීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. -Lankadeepa

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»