ජනපති,අගමැති ඇතුලු සියලු පාර්ලිමේන්තු නියෝජිතයන්ට- මහ නායක හිමිවරුන්ගේ අප්‍රසාදය..

මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක්…

රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද හවස විශේෂ ලිපියක් නිකුත් කළහ .

රට තුළ තුල උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳලිමෙහිලා තෛනිකායික අතිපූජ්‍ය මහා මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත්කරන ලද කරන ලද යෝජනා මාලාව පිළිබඳව අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව කටයුතු කරන්නේ නම් මහා සංඝරත්න එක්ව එම සම්මුතියට ප්‍රකාශ කරන බවට එම ලිපියේ සඳහන් වෙයි.

තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක, වරකාගොඩ ශ්‍රී ඤාණතරන අස්ගිරි පාර්ශවයේ මහනායක, දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනා නිකායේ උත්තරීතර මහා නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනපතිවරයාට, විපක්ෂ නායක ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයිනට එම ලිපිය ඉදිරිපත් කර ඇත.

Translate-(English/Sinhala/Tamil )»