ජනතා අරගලයේ අවසන් සටන අගෝස්තු 09 …

ජනතා අරගලයේ අවසන් සටන අගෝස්තු 09 වැනිදා කොළඹදී සිදුකරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මෙම මහජන විරෝධතාවයට සහභාගී වන ලෙස රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ජනතා විරෝධයේ අවසන් සටන තුළින් රට දූෂිත දේශපාලකයන්ගෙන් නිදහස් කර ගැනීමට වගබලා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජන අරගලයට නායකත්වය දෙන අයගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන්ට පහර නොදෙන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටි හිටපු යුද හමුදාපතිවරයා විරෝධතාවලට සම්බන්ධ තරුණ පරම්පරාව ඔවුන්ගේම දරුවන් සහ ඥාතීන් බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»