චන්ද්‍රිකා සහ වෙල්ගම යළි ශ‍්‍රීනිපයට පක්ෂයෙන්ම ආරාධනයක් එයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන් නැවත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙත එක් කර ගත යුතු බවට එම පක්ෂයේ බිම් මට්ටමේ යෝජනාවක් පක්ෂය වෙත ඉදිරිපත් වී ඇත. ඊට අමතරව ශී‍්‍රලනිපය තුළ සිටි පක්ෂ කි‍්‍රයාකාරීන් ද නැවත පක්ෂයට එක්කර ගනිමින් ශී‍්‍රලනිපය නැවත ශක්තිමත් කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව තිබේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කි‍්‍රයාකාරීව සිටි තවමත් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා නොගත් කි‍්‍රයාකාරීන් නැවත පක්ෂය වෙත කැඳවා ගෙන ඉදිරි සංවිධාන කටයුතු සිදු කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව තිබෙන බව එම පක්ෂ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මේ අතර එම යෝජනාව සම්බන්ධයෙන් ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ එවැනි පිරිස්වලට පක්ෂයේ දොර විවෘත බවය. පක්ෂයේ සිටි සියලූම දෙනාට නැවත පක්ෂය සමග එක්විය හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.(අකිත පෙරේරා.)Divaina

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»