ගුවන් සමාගම් ගුවන් ගමන් අවලංගු කරයි..

Omicron COVID-19 ප්‍රභේදය හේතුවෙන් ගුවන් සමාගම් මේවන විට ගුවන් ගමන් 6,000 කට වඩා අවලංගු කර ඇති බව වාර්තා වෙනව.

සංචාරකයින් නිවාඩු සැමරුම් සඳහා ගමන් බිමන් යනවසරේ කාර්යබහුලම කාලයකදී මෙසේ ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඹවුන් දැඩි අපහසු තාවයන්ට පත්වී ඇත.සමහර ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම වෙබ් අඩවිවල දත්ත අණුව අවලංගුකර ඇති ගුවන් ගමන් ගණන 1000ක් පමණ වෙයි.

FlightAware, ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවිය, සිකුරාදා අවලංගු කරන ලද ගුවන් ගමන් 690 ක් සහ සෙනසුරාදා එක්සත් ජනපදයට ඇතුළු වන, පිටවන හෝ ඇතුළත අවලංගු කරන ලද ගුවන් ගමන් 1,000 කට ආසන්න ප්‍රමාණයක් සටහන් කර ඇත.

Delta, United සහ JetBlue යන ගුවන් සමාගම් පවසා ඇත්තේ Omicron ප්‍රභේදය බලපෑම හේතුවෙන් කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීමේ ගැටලු ඇති වී ඇතිබැවින් ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවු බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»