ගලගෙදර සිට රඹුක්කන මධ්‍යම අධිවේගී මාර්ග යෙන් කෝටි 16,440ක වංචාවක්?

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440ක මුදල් වංචාවක් සිදු කිරීමට කටයුතු කර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ :20 දා අනාවරණය කළේය.

මේ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී චීන සමාගමක් සහ ලංකාවේ කොන්ත‍්‍රාත් සමාගම් ඒකාබද්ධව සකස් කළ සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති අතර චීන සමාගම කිලෝ මීටර් 20 ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1050 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙන විට මෙරට සමාගම ඩොලර් මිලියන 1872 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා එනම් මිලියන 822 ක වැඩි ලංසුවක් ඉදිරිපත්කර තිබෙනව.

සාමාන්‍යයෙන් මෙරට සමාගමක් ටෙන්ඩරයට ඉදිරිපත් වීමේදී විදෙස් සමාගමකට වඩා අඩු මුදලක් ඉදිරිපත් කරන්නේ.මෙරට සමාගමට අනුමැතිය ලබා ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බවද ඒමහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධව චීන සමාගම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පසුගිය දිනකරඹුක්කන ගලගෙදර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ.

(උපුටාගැනීම දිවයින)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»