කුලපති බලා සිටිද්දී උපාධි පිරිනැමීම උපකුලපතිනිය අතින්..

කොළඹ විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවය දෙසැ: 17 සිට දෙසැ: 19 දක්වා පැවැත්වේ.

මෙහිදී උපාධි මංජුසාව කුලපති ලෙස පත්කල පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් ලබා ගැනීමට උපාධිධාරීන් ප්‍රතික්ෂේප කොට ඇත.

මේ හේතුව නිසා උපකුලපතිතුමිය විසින් උපාධි ප්‍රධානය සිදු කරන ලදී.අදාල උත්සවයට ශිෂ්‍යයන් කළු පටි පැළැඳ සහභාගී වීඇති බවද වාර්තා වේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය එල්ල කර තිබේ.ඔවුන් සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය වර්ජනය කරන බවයි.

ආචාර්ය සංගම් කිහිපයක් දැනටමත් උපාධි ප්‍රදානෝත්සවය වර්ජනය කර ඇත.

මෙම උත්සවය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගිවී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»