කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුව් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

දියේ ගිලුනු 20 දෙනෙකු රෝහල් ගත කරඇති බව වාර්තා වෙනව.පාරු අනතුරකින් හය දෙනෙකු දියේ ගිලී මියයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක් මහතාගේ කින්නියා ප්‍රදේශයේ පිහිටි නිවසට ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි හානි සිදුව තිබේ.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පාමින් ප්‍රදේවාසිහු පිරිසක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වටකමින් උද්ඝෝෂණයක නිරත වන බව අප වාර්තා කරුවෝ පවසති. මෙම කලපුව හරහා ඉදිකරන පාලමේ වැඩ කටයුතු ප්‍රමාද කරන බව ඔවුහු චෝදනා කරති.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»