කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක්,නව අමාත්‍යවරු හතක්,නාමල්ට තවත් එකක්..

කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී ඇත.විදුලි බල අමාත්‍ය ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව විදුලිබල අමාත්‍යවරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»