කැන්ටලූප් නිසා මේ වනවිට 6 ක් මරුට…

Malichita සහ Rudy වර්ගයේ කැන්ටලූප් වලට සම්බන්ධ සැල්මොනෙල්ලා රෝගයෙන් පුද්ගලයින් හය දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය(Public Health Agency of Canada ) වාර්තාකරනව.

ඒ සමඟම ඒ ආශ්‍රිත සිද්ධීන් 153 ක් තහවුරු වී ඇති අතර තවත් බොහෝ දේ විමර්ශනය වෙමින් පවතින බවද වැඩිදුරටත් පවසනව.මේ වනවිට මෙම වර්ගයේ කැන්ටලූප් අවම වශයෙන් පළාත් නවයක විකුණනු ලැබ ඇති බවත් වාර්තා කරනව.

සෞඛ්‍ය ඒජන්සිය වාර්තා කරන ආකාරයට ක්විබෙක්හි රෝගීන් 103 ක් ඔන්ටාරියෝ හි 20ක් බ්‍රිටිෂ් කොලොම්බියාවේ 17 ක් නෝවා ස්කොටියා හි 4ක්, ඇල්බර්ටා හි 3ක් සහ නිව් බ්‍රන්ස්වික්, ප්‍රින්ස් එඩ්වඩ් අයිලන්ඩ් සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ලැබ්‍රඩෝ හි දෙදෙනෙක් බැගින් තහවුරු වී ඇති බවයි.

එබැවින් පාරිභෝගිකයින්ට මෙම වර්ගයේ කැන්ටලූප් මිලදී ගැනීම, අනුභව කිරීම හෝ විකිණීමෙන් වළකින ලෙස අවවාද කෙරේ.

(CityNews ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»