ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් එරට පාර්ලිමේන්තුවට..

ඊයේ පැවති මැතිවරණයෙන් ආසන 71 දිනා ගැනීමට කම්කරු පක්ෂය සමත් වුණු අතර ලිබරල් පක්ෂය දිනා ගත්තේ ආසන 52ක් පමණි.

ඒ අනුව, බහුතරය දිනා ගැනීම සඳහා කම්කරු පක්ෂයට ආසන 76ක් අවශ්‍ය වන අතර ඒ සඳහා එම පක්ෂය සුළු පක්ෂවල සහය ලබා ගනු ඇතැයි සඳහන් වේ.

මෙවර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තරග කිරීම විශේෂත්වයකි.එහිදී හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුණු ශ්‍රී ලාංකිකයෙකු වන කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කළා ය.

තව ත් ශ්‍රී ලාංකිකයෙකු වන ලිබරල් පක්ෂය නියෝජනය කළ රාන්ජ් පෙරේරා ඇය සමග තරග කර පරාජයට පත් වූයේ ය.57.5% ප්‍රතිශතයක් ලබා ගනිමින් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 40,187කි. රාන්ජ් පෙරේරා 42.5% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, ඔහු ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව 29,732කි.ඒ අනුව, 34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්වනු ඇත.

කැසෙන්ඩ්‍රා වයස අවුරුදු 11 දී සිය දෙමව්පියන් සමග 1999 වසරේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.

(උපුටාගැනීම මව්බිම)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»