ඊයේ රෑ අගමැති Club එකක් විවෟත කරයි..

නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” නව ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රියේ දී විවෘත කෙරිණි.

කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි මෙම භූමිය 1971 කැරැල්ල සමයේ එවකට රජය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දෙන ලදී.පසුව නාගරික සංවර්ධන අධිකාරිය යටතට 2020 නොවැම්බර් මාසයේ දී පවරාගැනීමෙන් අනතුරුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේය.

සාමාජිකයන් කිහිප දෙනෙකු මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ දී පැවැත්වූ පළමු රැස්වීමේ හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” ලෙස හැඳින්වේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»