ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණයකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනව.මේ සම්බන්ධයෙන් තමන් සලකා බලමින් සිටින බවත් සාකච්ජා කොට ඉදිරි සති කිහිපයේදී සිය තීරණය දැනුම් දෙන බවට මැතිව්ස් ප්‍රකාශ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.නවක ක්‍රීඩකයින් සමග ඉදිරියට යෑමට තේරීම් කමිටුව විසින් ගත් තීරණයත් සමග ඇන්ජලෝ මැතිව්ස් එක්දින කණ්ඩායමෙන් ඉවත් කෙරුණා.ලකුණු ලබාදීමේ ක්‍රමවේදය අනුව නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් නොකර සිටීමට තීරණය කළ ජේෂ්ඨ ක්‍රීඩකයින් අතර මැතිව්ස් ද විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»