අරගල භූමියට පහර දීමේ සැලැස්මක් නෑ- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී..

ආරක්ෂක අංශ අරගල භූමියට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.ඔහු ප්‍රකාශ කළේ, අරගලකරුවන් ඉවත් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ගෝඨාගම පරිශ්‍රය දෙසට ගමන් කරන භට පිරිස් සම්බන්ධයෙන් ලැබී ඇති සමාජ මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ එම වීඩියෝ පට ව්‍යාජ ඒවා බවත් ඒවා කිසියම් අයෙකු විසින් විවිධ අරමුණු ඉටුකර ගැනීම සඳහා නිර්මාණය කර ඇති බවත්ය.

“The spokesperson of the Ministry of Defence has categorically denied social media reports received with regard to troops headed towards GotaGoGama premises. Chief of Defence staff Shavendra Silva states that the videos are fake, which have been created by someone to achieve different motives.”

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»