අරගලකරුවන් මල්වතු මහ නා හිමි බැහැ දකී..දේශපාලකයින්ට බෑ..

ගාලු මුවදොර අරගල භූමියේ තරුණ පිරිසක් මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් බව වාර්තා වෙනව.

මංජුල සමරසේකර,දිමුතු බඹරදෙණිය, යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී ඇති අතර ඔවුන් අරගලකරුවන්ගේ අරමුණු හා සම්බන්ධ යෝජනාවලියක්ද මහ නා හිමියන්ට පිළිගැන්වූ බවයි සඳහන් වන්නෙ.

ගාලු මුවදොර අරගල භූමියේ සිටින ජනතාව ඉල්ලා සිටින දේ පාලකයින් අවබෝධකර ගෙන ඊට විසඳුම් ලබා දිය යුතු බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනා හිමියෝ පවසා ඇත.

K.L.Suraweera (Kandy)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»