අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්තට අභියාචනාධිකරණයෙන් සිතාසි..

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකළ යුත්තේ මන්දැයි කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණය අද ඔහුට සිතාසි නිකුත් කළේය.

ඒ අනුව සනත් නිශාන්තට ඔක්තෝබර් 13 වැනිදා පෞද්ගලිකව අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළා.අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ දිවයිනේ සියලුම දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන එකම සංවිධානය වන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSASL) විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කළ අයදුම්පතක් සලකා බැලීම සඳහාය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»