අද විරෝධතා පා ගමනේ ගමන අවහිරකරයි.

මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, මැයෙන් විපක්ෂය සංවිධානය කරන ලද විරෝධතා පා ගමන අවහිරකරයි.

විරෝධතා පා ගමන මරදාන, එලිෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දෙසට පැමිණීමට කටයුතු කළත් පොළීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කළ බව වාර්තා විය.

මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පෙරටුගාමී සමාජවාදී පක්ෂය,43 සේනාංකය දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ රැසක්ම සහභාගි වූ නමුත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධවී නොසිටි බවයි වාර්තා වෙන්නෙ.

(Photo credit to the owner)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»