අතුරලියේ රතන හිමි පක්ෂයෙන් නෙරපයි..ඥානසාර හිමි පාර්ලිමේන්තුවට..

අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්‍ෂයෙන් ඉවත් කර තිබේ.එම පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව විසින් එක්ව මෙම තීරණය ගෙන ඇත.

රතන හිමියන් වෙත එල්ල වූ චෝදනා වලට උන්වහන්සේ වැරදිකරු බවට තීරණය කිරීමත් සමග පක්ෂයෙන් නෙරපීමේ තීරණය ගෙන ඇත.

ඊට සමගාමීව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙනව.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු ධුරයට නම් කර තිබුණද එම පක්ෂය විසින් උන්වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඒ බව මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»