අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පිටකොටුවේ…

කොතලාවල පනතට එරෙහි සිසු විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුලු සිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජනව්‍යාපාරය එකව උද්ඝෝෂණයක් අද පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

කොතලාවල පනත වහා ඉවත්කරන ලෙසත් 2019 උසස් පෙළ සමතුන් යොදා ගෙන කොතලාවල විශ්වවිද්‍යාලය නීතිගත කිරීමට විරෝධය දැක්වීම සහ සරසවි වහා විවෘත කරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.(ඡායාරූප: ළහිරු හර්ෂණ)Lankadeepa

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»