අගමැති නිල නිවස වටලා දැඩි විරෝධයක් …

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් මේ වන විට කොළඹ පැවැත්වෙමින් තිබේ.

කොළඹ, කොටුවේ මාර්ග අවහිර කරමින් ස්ථිර මාර්ග බාධක ඉදිකර තිබු නිසා විරෝධතාකරුවන් විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක් අරඹා තිබෙනවා. අගමැති නිල නිවසේ තාප්පය මතටද නැගී ඇතැම් සිසුන් විරෝධය එල්ල කරමින් සිටිති.

විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත් විය යුතු බවයි.

මේ වනවිට 3000ක පමණ පිරිසක් විරෝධතාවය දක්වමින් සිටින බවයි වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»