අගමැති තිරුපති සහ ඩොලර්..

ශ්‍රීලංකා අගමැති තුමා තිරුපති වන්දනාවේ ගියේ තම පුද්ගලික ධනය භාවිත කරමින් බව පැවසුවත් මේ සම්බන්ධව සමාජයේ විවිධ කතා නිර්මානය වෙමින් පවතී.

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මේ ගැන පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශකර ඇත්තේ..”අගමැතිතුමාගේ යාළුවෙක් එයාගේ තිරුපති ගමනට ඒ ගුවන් යානය එයාට නොමිලේ දුන්නා. ඔහු නම හෙළි කිරීමට අකමැති ඉන්දීය ව්‍යාපාරිකයෙකු බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ඉන්දියාවේ තිරුපති සංචාරයක නිරත වුණේ පෞද්ගලික ගුවන් යානාවකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සඳහන් කරයි.

කෙසේ වෙතත් අන්තර්ජාලයේ ඇති තොරතුරු වලට අනුව මෙම වර්ගයේ ගුවන් යනයක ගුවන් පැයක ගමනක් සඳහා ඇමරිකාණු ඩොලර්(USD) 6000-7000 අයකරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»