“ෆ්රෙන්ඩ්ස්” මැතිව් මියයයි.
90 දශකයේ ජනප්රිය “ෆ්රෙන්ඩ්ස්” හි චැන්ඩ්ලර් බිංගේ රඟපෑමෙන් වඩාත් ප්රසිද්ධ නළු මැතිව් පෙරී සෙනසුරාදා ලොස් ඇන්ජලීස් ප්රදේශයේ නිවසක මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.නිව්යෝක් නගරයේ ජීවත්වූ තරුණ මිතුරන් 6 දෙනකුගේ දෛවය පිළිබඳව ගෙතූ ජනප්රිය රූපවාහිනී කතාමාලාවක්වූ “ප්රෙන්ඩ්ස්” 1994 සිට 2004 දක්වා විකාශනය විය.මියයනවිට ඔහු 54 වියේ පසුවිය.
