හේමා ප්‍රේමදාස නිල නිවස රජයට භාරදෙයි..

ශ්‍රීලංකාවේ ජනාධිපති වරුනට රජයෙන් ලබාදෙන නිල නිවස් ඹවුන්ගේ ඇවෑමෙන් පසු බිරින්දෑ වරුන්ටද ජීවත්වන තුරා භුක්තිවිඳිය හැක.

ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා ගේ ඇවෑමෙන් පසු හේමා ප්‍රේමදාස මහත්මිය වෙත ලබාදී තිබු නිල නිවස නැවත රජයට භාරදීමට සූදානම්ව සිටිනබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනව.

තම මව කිසි දිනෙක නිල නිවෙසෙහි ජීවත්ව නැති බවත් ඇය සිටින්නේ පෞද්ගලික නිවසක බවත් ඇයට රජයෙන් හිමිව ඇති නිල නිවස යළි භාර දීමට සූදානම්ව සිටින බව ප්‍රකාශ කර තිබෙනව.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනුයි ඹහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»