හඳ ගමනට එක්වන පළමු කැනේඩියානුවා…

කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ කර්නල් සහ CF-18 නියමුවෙකු වන ජෙරමි හැන්සන් ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ලබන 2024 වසරේ දී සඳට යන ගගනගාමීන් සිවුදෙනා අතරට තෝරාගෙන ඇති බව නාසා ආයතනය නිවේදනය කර ඇත.

මේ අනුව සඳ තරණයට ගිය පළමු කැනේඩියානු ජාතිකයා ලෙස ජෙරමි හැන්සන් ඉතිහාසයට එක්වනු ඇත.

ආටෙමිස් II මෙහෙයුමේ අනෙක් ගගනගාමීන් තිදෙනාම ඇමරිකානුවන් ය. ක්‍රිස්ටිනා හැමොක් කෝච්, වික්ටර් ග්ලෝවර් සහ ජී. රීඩ් වයිස්මන් ඹවුන් වෙයි.ග්ලෝවර් යනු චන්ද්‍ර මෙහෙයුමක් සඳහා තෝරාගත් පළමු වර්ණ පුද්ගලයා වන අතර, කොච් තෝරා ගන්නා ලද පළමු කාන්තාව වේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»