සිංගප්පූරු වීසා අවසන් ..ගෝඨාභය ඊළඟට තායිලන්තයට..

ජනතා විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ ලංකාවෙන් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිංගප්පූරු වීසා කාලය අවසන් වී ඇති බැවින්
හෙට (අගෝ. 11) තායිලන්තය බලා යාමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ, රාජපක්ෂ මහතා තාවකාලිව එරට රැඳී සිටීමේ අපේක්ෂාවෙන් එහි යනු ඇති බව ය.

ඒ අනුව, ඔහු සිංගප්පූරුවෙන් පිටත්ව හෙට තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ අතර නීති විශාරදයන්ගේ මතය වන්නේ ඹහු යළි ශ්‍රීලංකාවට පැමිණියහොත් ඹහුට විරුද්ධව චෝදනා ගොනුකලහොත් නීතිය යටතේ ආරක්ෂාවක් නොලැබෙනු ඇති බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»