ස්වර්ණා කහවිට මහත්මිය අද අභාවප්‍රාප්ත විය.

ශ්‍රීලාංකීය සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අද අභාවප්‍රාප්ත වූවා ය.

චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපනය කලේ එකල ජනප්‍රිය චිත්‍රපටයක් වු බිනරමලී චිත්‍රපටයටයි.

ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

ස්වර්ණා කහවිට මහත්මිය ප්‍රවීණ සිනමා පත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියකි.

කලක් රෝගාතුරව සිට ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසු විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»