ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වැනි සංවත්සරය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වැනි සංවත්සරය අදයි (සැප් 02).

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ඒ නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.සිය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් එම ප්‍රකාශය කිරීමට නියමිත බව පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනව.

පක්ෂ සංවත්සරය නිමිති කරගෙන ලේ පයින්ට් දස දහසක් පිරිනැමී මේ ජාතික වැඩසටහනක් ද නිදහස් පක්ෂය විසින් ඉකුත් විසිතුන්වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්කියා සිටියේ විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩ නගන බවයි.නැවත වතාවක් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක‍්‍රීය කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සමරන අවස්ථාව වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේන බවත් වත්මන් පක්ෂ නායකයන් විසින් අප ආදරණීය පක්ෂයට සිදු කර තිබෙන විනාශය දෙස ඉතාමත් වේදනාවෙන් බලා සිටිමින්, සැබෑ බණඩාරනායක ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන, ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නායකත්වය ගන්නා මෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ඉතා ඕනෑකමින් ආරාධනා කර සිටින බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»