ශ්‍රී ලංකාව හයවෙනි වෙනි වතාවටත් ආසියානු කලාපයේ ක්‍රිකට් කිරුළු පැළඳීයි.

ඹක්තෝබර යේ ආරම්භවන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට හොඳ ගැම්මක්…

කාසියේ වාසිය දිනූ පකිස්තාන කණ්ඩායම පන්දුයැවීම තෝරාගන්නා ලදී.පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම නියමිත ඹ්වර 20 දී කඩුළු 6 ක්දැවී ලකුණු 170..

පකිස්තාන කණ්ඩායමට නියමිත ඹ්වර 20 දී ලබාගත හැකිවූයේ ලකුණු 147 ක් පමනි.

ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව,බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, සහ හොංකො යන රටවල් හය අතර පැවැති මේ තරගාවලියේ අවසන් තරග වරම් දිනා ගැනීමට පකිස්තානය සහ ශ්‍රී ලංකාව සමත් විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 14ක් මේ දක්වා පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව 5 වතාවක් ශූරතාව හිමිකරගෙන ඇත.

මෙවර ජයග්‍රහනයත් සමඟ එය 6 වන ශූරතාව ය බවට පත්වෙයි.ලොවපුරා වෙසෙන ශ්‍රීලාංකීය ක්‍රිකට් ලෝලීන් කලකට පසු ඉතා උද්යෝගයෙන් නැරඹු තරඟාවලියක් ලෙස මෙම තරඟාවලිය හඳින්විය හැක.

මෙම කණ්ඩායමේ විශේෂත්වයක් වනුයේ පසුගිය කාල වල මෙන් ක්‍රීඩකයන් තනි තනිව තම අරමුණු කරා යනවාට වඩා කණ්ඩායමක් ලෙස එකමුතුව ජයග්‍රහනය ලබා ගැනීමේ අදිටනින් ක්‍රීඩාකිරීමයි.

96 ලෝක කුසලානය ලබාගත් කණ්ඩායමෙත් මෙම ගුනාංගය දැකගත හැකි විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»