ලෝකකුසලාන ත්‍රාසජනකම තරඟයක්…
එය මෙතෙක් සිදු වූ විශිෂ්ටතම එක්දින ඉනිම විය…
ගොල්ෆ් පිටියේදී සිදු වූ අකරතැබ්බයකින් ආබාධයකට ලක්වී සිටියදීත් ලෝකකුසලාන තරඟවලට ක්රීඩකරමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඇෆ්ගනිස්තානයට එරෙහිව අද පැවති තරඟයේදී තනි පාදයෙන් ත්‍රාසජනක ඉනිමක් ක්‍රීඩාකරමින් පස් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට ගෙන ගියා.
මුල් කඩුලු 7 ලකුණු 91ක් තුළ බිඳ වැටී තිබියදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නියලෙමින් නායක පැට් කමින්ස් එක්ව ලකුණු 293ක් දක්වා නොබිඳුණු සබඳතාවක් පවත්වමින් තරගය ජය ගත්තා.
මෙහිදී මැක්ස්වෙල් පාදයේ ආබාධය නිසා දිවීමට නොහැකි වූ නිසා හයේ සහ හතරේ පහර වලින් පමණක් ලකුණු 201ක් වාර්තා කලා.ඔස්ට්‍රේලියානු මාධ්‍ය අද වාර්තාකර තිබුනේ “මැක්සි, අපි ඔබට ගොල්ෆ් කරත්තයට සමාව දෙන්නෙමු”යනුවෙනි.එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් බීබීසී වෙත පවසා තිබුනේ ““මෙය මෙතෙක් පැවැති විශිෂ්ටතම එක්දින ඉනිමයි. එය ඕනෑම ආකාරයක විශිෂ්ටතම ඉනිමක් විය හැකියි” යනුවෙනි.
අද තරඟයේදී මැක්ස්වෙල් බිඳ දැමූ වාර්තා ලැයිස්තුව:
– එක්දින ලකුණු හඹා යාමක වැඩිම ලකුණු සංඛ්‍යාව
– වැඩිම ලකුණු ප්‍රමාණය අංක 5 හෝ ඊට අඩු
– ලකුණු හඹා යාමේ පළමු ලකුණු 200 ලකුණු
-ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව
-එක්දින තරගයක දෙවැනි වේගවත්ම 200
