මැති ඇමතිවරු තම දේපළ රක්ෂණය කරයි…

මේ දිනවල රටේ පවතින අර්බුධකාරී වාතාවරනය නිසා ජනතාව කුපිත වී සිටින හෙයින් යළිත් මැයි 9 වන දා මෙන් මහජන කැලඹීමක් සිදුවී තම දේපළ හා නිවාස විනාශ වී යා හැකි යැයි සැකයක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු තුළ හටගෙන ඇති නිසා තමන්ට අයත් නිශ්චල හා චංචල දේපළ රක්ෂණය කිරීමට වහ වහා පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනව.

නිවෙසේ වටිනාකම, එහි ඇති ගෘහ විදුලි උපකරණ, විද්‍යුත් උපකරණ, ස්වර්ණාභරණ හා ගෘහ භාණ්ඩ වටිනාකම ආදිය තක්සේරු කරමින් ආණ්ඩු පාර්ශවයේ කිහිප දෙනකු මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම්වලින් රක්ෂණ ආවරණ ලබාගෙන ඇතැයි රක්ෂණ සමාගම් නියෝජිතයෙක් ඉරිදා ‘මව්බිම’ ට පැවසීය.ඇතැම් රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියනය පවා ඉක්මවන බව ද එම නියෝජිතයා පැවසීය.

(උපුටාගැනීම මව්බිම)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»