ඉකුත් සතියත් දින දහයත් අතර කාලයේ සිදු වූ සිත් රිදවන සිදුවීම් සහ කරුණු නිසා තමන් සැලසුම් කළ දිනට කලියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (10) ප්‍රකාශ කළේ ය.
ලබන මාසයට යෙදී තිබෙන තම 80 වැනි ඡන්ම දිනයේ දී විශ්‍රාම යෑමට කලින් සැලසුම් කරගෙන සිටිය ද පසුගිය සතියත් දින දහයත් අතර කාලයේ දී සිදු වූ සිත් රිදවන සිදුවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව සති හයකින් පමණ ඉක්මන් කළ බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය.
සිය විශ්‍රාම යෑම දැනුම් දීම වෙනුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්යවරයා එම කරුණු සඳහන් කළේ ය.මේ අනුව ලබන සතියේ 14 වැනි දා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවැසීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා පැවැසීය.(උපුටාගැනීම-ලංකාදීප)