මහින්ද කහදගම අත්අඩංගුවට..

අරගල සමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ පුද්ගලයෙක් වන කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මුදල් වංචාවක් සම්බන්ධව කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝගය නිකුත් කර ඇත.

කොළඹ මහල් නිවාස සංකීර්ණයකින් නිවසක් ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70 ක් ලබාගෙන එම මුදල වංචා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»