මහින්දානනදට ජනපතිගෙන් දොස් ..කෝ තවත් කරගන්ඩ බැරිවුනා නෙ…

ආරංචි මාර්ග පවසන පරිදි කාබනික පොහොර පිළිබඳ මේ වන විට සමාජයේ ඇති වී ඇති අප්‍රසාදය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයාට දොස් පවරා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනුම ඇතිව පත් කළ ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයාට තිබුණු හදිස්සිය පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී දැඩි සේ වි‍වේචනය කර ඇත.

ජෙනරාල් සුමේධ පෙරේරා යනු පසුගිය යුද සමයේ ජයග්‍රහණය පසු පස සුවිශේෂ කාර්යභාර්යක් ඉටුකල සෙන්පතියකු වෙයි.

එසේම සුමේද පෙරේරා කෘෂිකර්මාන්ත පිළිබඳ හසල දැනුමක් ඇති අයෙකු ලෙසද ප්‍රචලිතය. අවසානයෙදී ජනාධිපතිවරයා මහින්දානන්දගේ කරදරයෙන්ගැලවෙන්න බැරි තැන සුමේධ ඉවත් කර මහින්දානන්දට අවශ්‍ය කෙනා දා ගැනීමට ඉඩ සැලසීය.

“‘‘මහින්දානන්ද, ඔයා මට කිව්වනේ සුමේධ එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. එතුමා අයින් කරලා දෙන්න කියලා. කෝ දැන් එතුමා නැති වුණාම ඔයා වැඩේ හරියට කළාද? මම ඔයාට කිව්වනේ මේ වැඩේ ගැන දැනුම් තේරුම් තියෙන මිනිස්සු ටිකක් දාගෙන මේ වැඩේ පටන් ගන්න කියලා. නමුත් ඔයාට තාමත් මේ වැඩේ කරන්න බැරි වුණා. මේ වැඩේ කරන්න පුළුවන් මිනිහාවත් ඔයා අයින් කර ගත්තා. මේ ගැන මට ආයිත් වතාවක් කතා කරන්න තියන්න එපා. කරුණා කරලා මේ වැඩේ හරියට කරන්න. නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා’’ යැයි කියමින් ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කර ඇත.”(උපුටාගැනීමකි)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»