Top Stories >
ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඇමරිකාවේ දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනව.ඇමරිකාවේ සිටින තම පුතුබැලීමට ගොස් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
ලංකාවේ පානදුර දී උපත ලබා ඇති නලින් ද සිල්වා මහතා 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වී 1967 දී ගණිතය පළමු පන්තියේ ගෞරව උපාධියක් සමග සමත් වී ඇති අතර 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගන ඇත.
මාක්ස්වාදී යෙකු වූ සිල්වා මහතා පැරණි ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකි.සාපේක්ෂතාවාදය හා මාක්ස්වාදය අලලා දේශන, වැඩසටහන් මෙන්ම පුවත්පත් ලිපි විශාල සංඛ්‍යාවක් පළකර ඇත.මියයන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.