බෙත්ලෙහෙම් පුරේ…දිළිඳු ගව ලෙනේ…

බෙත්ලෙහෙම් පුරේ…දිළිඳු ගව ලෙනේ…ඹරුව තුලේ සිසිලෙ නිදයි ජේසු බිළින්ඳා…

ලෝකවාසී කිතුණු බැතිමතුන් වාර්ෂික සමරණ අරිසිමත්ව‘නත්තල් උත්සවය’ අදයි. ලෝකයේ විවිධ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ ද අද දිනයේ ‘නත්තල්’ සමරති.‘

සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ ගෞරවයට හා භක්තියට ලක්වන වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවී ඇතතේ දෙසැම්බර් මස අද වැනි(25) දිනකයි.

උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝක වාසීන්ට සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප කළ ආගමික ශාස්තෘවරයෙකි.

වෙනදා මෙන් මෙවර බෙත්ලෙහෙම නගරයේ නත්තල් සැමරුම් නොපැවැත්වෙන බවයි පැවසෙන්නෙ. ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතරේ පවතින යුද ගැටුම් මෙයට හේතුවයි.බෙත්ලෙහෙම නගරය පිහිටා ඇත්තේ පලස්තීන පාලනයට අයත් බටහිර ඉවුරේයි.

නිවාඩු දිනය සනිටුහන් කිරීමට සෑම වසරකම බටහිර ඉවුරේ නගරයට එක්රැස් වන විදේශීය සංචාරකයින් සහ ප්‍රීතිමත් තරුණ පෙළපාලි තූර්ය වාදක කණ්ඩායම් මෙන්ම, සාමාන්‍යයෙන් මැන්ගර් චතුරශ්‍රය අලංකාර කරන උත්සව විදුලි පහන් සහ නත්තල් ගස අතුරුදහන් වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරනව .ඒ වෙනුවට පලස්තීන ආරක්ෂක හමුදා දුසිම් ගණනක් හිස් චතුරශ්‍රයේ මුර සංචාරයේ යෙදී සිටිනබවයි සඳහන් වන්නෙ.ඒබැවින් නත්තල් ගස නොමැතිව සහ ආලෝකය නොමැතිව අවට නගරය අන්ධකාර යෙන් පිරී ඇති බව පැවසෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»