Top Stories >
බුකර් සම්මානය පිරිනමන්නේ ඉංග්‍රීසියෙන් ලියැවුණු හොඳම නවකතාවන් සඳහායි.
මෙවර එම සම්මානය පළමුවරට ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචිත The Seven Moons of Maali Almeida(මාලි අල්මේදාගේ සත් සඳ) සඳහා හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය පිළිබඳ දේශපාලන උපහාසයක් මෙම කෟතිය සඳහා පාදකවී තිබේ.
කැමිලා බිසව අතින් ලන්ඩනයේ පැවති උත්සවයකදී ෂෙහාන් කරුණාතිලක මහතා මෙම සම්මානය ලබා ගෙන ඇත.මෙහි ත්‍යාග මුදල ලෙස පවුම් 50,000ක් කතුවරයා වෙත ප්‍රදානය කොට ඇත.