බීමතින් බන්ධනාගාර වලට ඇතුළු වන රාජ්‍ය ඇමති යෙක්.

පසුගිය දින වල ලංකාවේ බන්ධනාගාර කිහිපයකට බීමත්ව ඇතුළු වී ඇති රාජ්‍ය ඇමති වරයෙක් එම බන්ධනාගාර වල සිර කරුවනට ගිනිඅවි පෙන්වා තර්ජනය කරඇති බව වාර්තා වෙනව.

එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධ කරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා තර්ජනයයකර ඇතැයි ද ආරංචිමාර්ග පවසනව.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී කලහනාරී ලෙස හැසිරැනු අමාත්‍යවරයා සමග මෑතකදී මහත් ආන්දෝලනයකට ලක් වූ විවාහක රූ රැජිනක් සහ තවත් තිදෙනෙක් සිට ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එම රාජ්‍ය අමාත්‍යවරයා මරණ දඬුවම නියම සිටින අපරාධකරුවන් රඳවා ඇති සිරකුටි මැදින් එල්ලුම් ගස අසලට ගොස් ඔහු සමඟ පැමිණි පිරිසට එල්ලුම්ගස පෙන්වා ඇති බවද සඳහන්ය.ඇමතිවරයා බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ එහි නිලධාරීන්ට පවා තර්ජනය කරමින් බව බන්ධනාගාර නලධාරින් පවසා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»