බැසිල්ට මුදල් රාජ්ය අමාත්ය ධූරයත්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 08වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දිනමිණ පුවත්පත වාර්තා කරයි.

පාලිමේන්තුවට පත් වීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරයට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයද හිමි වීමට ඉඩ ඇතැයිද 
වැඩි දුරටත් සඳහන් වෙනව.

කෙසේ වෙතත් මේ වන විටත් මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් දරණු ලබන අතර පුවත් පත වාර්තාවට අනුව මෙය සත්‍යයක් නම්   අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉන් ඉවත් කිරීමක් හෝ ඔහුට වෙනත් අමාත්‍ය ධුරයක් පැවරීමක් සිදුවනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»