බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්….

අවුරුදු 7 කට පසු චෝදනා තව දුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව කියයි..

මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු චූදිතයින් 9 දෙනාට එරෙහිව ගොනුකර ඇති පළමු නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගෙන යා නොහැකි බවට අද (ඔක්. 11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළහ.

ඒ අනුව 2015 පෙබරවාරි 27 වැනිදා සිදුකළ මහබැංකු බැඳුම්කර නිකුතුවේදී වංචනික ලෙස ක්‍රියා කළ බවට එල්ල වූ නඩුවට අදාළව අර්ජුන් ඇලෝසියස්, අර්ජුන මහේන්ද්‍රන්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අයට එරෙහිව තිබූ චෝදනා 14 න් 10ක් ඉවත දැමූණි.

2015 පෙබරවාරි 27 වැනිදා සිදුකළ බැඳුම්කර මගඩිය හරහා රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා 23ක් යටතේ විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»